රිජ්වේ ළමා රෝහලෙන් කොරෝනා ආසාදිත දරුවන් 20 ක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කුඩා ළමුන් 20 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.
මව්වරුන් දොලොස් දෙනෙක් ද වෛරස ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හදුනාගෙන ඇති සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 32 ක්.
එමෙන්ම රෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා.
එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව සඳහන්.
කෙසේ වෙතත් කිසිඳු බාධාවකින් තොරව රෝහලේ කටයුතු සිදුවන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අවධාරණය කළා.
722 Views
Comments