සති අන්තයේ සංචරණයට දැඩි සීමා

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉදිරි සති අන්තයේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාර්ග බාධක යොදා මෙම නීතිය කඩ කරන අය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි. මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක සහ කුලියාපිටිය, ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරයි.
මෙම ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා පුද්ගලයින් 2532 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය. මෙම කාලය තුළ වාහන 382 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
803 Views
Comments