පොලිසියෙන් 11 හැවිරිදි දැරියකට කරපු අපරාධය

11 හැවිරිදි දැරියකට දරුණු ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මත්තේගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වධහිංසා පැමිණවීමේ අරමුණ වූයේ රත්‍රං සොරකමක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමට ඇයට බලකිරීමයි.
එක් පොලිස් නිලධාරියකු දැරියගේ නළල මිරිකා වරද භාරගන්නා ලෙස බල කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කවුද? සෙවීමට විමර්ශන කරන බව දන්වා සිටියේය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් පවසන්නේ රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් සොරකම් කිරීම සම්බන්ධයෙන් දැරියගේ නැන්දා මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.
අනතුරුව එම පැමිණිල්ලට අදාළව 11 හැවිරිදි දැරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී දැරියගේ තොරතුරු ප්‍රමාණවත් ලෙස ලේඛනගත කර නොතිබූ බව අනාවරණය විය.
අදාළ දැරිය රන් භාණ්ඩ සොරකම සිදුවන අවස්ථාවේදී පාසලේ සිටි බවට, පන්නිපිටිය ප්‍රදේශයේ විදුහලකින් වාර්තාවක්ද ඉදිරිපත් කර ඇතැයි දන්වා සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් දැරිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මත්තේගොඩ පොලිසිය විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇතැයිද දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත නියම කළේය.
223 Views
Comments