ලංකාවේ කෘෂිකර්මය දියුණු කරන්න බිල් ගේට්ස් අත දෙයි

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක්ද මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණ වේ.
බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර තිබෙි.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බව ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී සඳහන් වී ඇත.
මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව ඇති අතර ඊට අමතරව රටෙි මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇත.
මෙම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ අධීක්ෂණය යටත් සිදුවනු ඇත.
340 Views
Comments