අගමැති ධූරය නිසා සජබය දෙකඩ වෙයි

පවත්නා දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට දැඩි කණස්සල්ලට පත්ව තිබෙනවා.
දිනෙන් දින රට දේශපාලනිකව අරාජික වෙමින් පවතින මොහොතක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කල්මරමින් සිටීම මෙරට ජනතාවට සිදුකරන දැඩි අසාධාරණයක් බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පවසා සිටියා.
මේ හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමෙන් සිටින බවත් ඔහු සඳහන් කළා.
679 Views
Comments