MAR
10
සූරියවැව අපරාධ අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

සූරියවැව, මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවත්වුණු සංගීත සංදර්ශනයක ආරක්ෂක රාජකාරීය නිම කර යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී සූරියවැව පරණ ඇඹිළිපිටිය පාරේ 09 හමාර ප්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද(10) අලුයම මියගොස් තිබේ.
මෙලෙස අනතුරට ලක්ව මියගොස් තිබෙන්නේ සූරියවැව පොලිසියට අනුයුක්තව එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අංක 35 හැවිරිදි දුමින්ද නිරෝෂන් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.
820 Views
Comments