බුලත් ගණන් උස්සයි - විටක් 80යි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

බුලත් ගණන් උස්සයි - විටක් 80යි

බුලත් ගණන් උස්සයි  - විටක් 80යි

මේ වන විට වෙළඳ පොළේ බුලත් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

 

මේ හේතුවෙන් බුලත් විටක මිලද ඉහල ගොස් ඇත.

 

එහිදී අනාවරණ වුණේ රුපියල් 02ත් 03ත් මිලක පැවති බුලත් කොළයක මිල මේ වන විට රුපියල් 5ත් 8ත් අතර මිලකට වැඩි වී ඇති බවයි.

 

ඒ හේතුවෙන් රුපියල් 50ක පැවති බුලත් විටක මිල 60ත් 80ත් අතර මිලක් දක්වා වැඩි වී තිබෙනවා.

 

බුලත් මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාමට ප්‍රභල ලෙස බලපා ඇත්තේ පොහොර හිගයයි.

 

කොරෝනා වෛරසය හේතුවෙන් බුලත් වෙළදපොල කඩා වැටීමත් සමග බොහෝ ගොවීන් බුලත් වගාවෙන් ඉවත් වුණා.

 

යළි බුලත් වෙළදපොල යථා තත්ත්වයට පත්වන අවස්ථාවේ ගොවීන් සිය වගාකටයුතු ආරම්භ කළත් පොහොර අර්බුධය හේතුවෙන් මේ වන විට බුලත් අස්වැන්න අඩු වී තිබෙනවා.

 

පොහොර නොමැතිකමින් බුලත් කොළයේ ප්‍රමාණයද කුඩා වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

views

1100 Views

Comments

arrow-up