රන්ජන්ගේ පෙම්වතියත් අරන් රන්ජන් බලන්න බන්ධනාගාරයට ගිය එස්. බී (VIDEO)

සිරදඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා(26) අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.
තමන් එම ගමන ගියේ තනිවම නොව රාමනායක මහතාගේ පෙම්වතියද සමඟින් බවත් ඔහු පැවසීය.
ඔහුට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවත් එස්. බී දිසානායක මහතා කියා සිටියේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේය.
4122 Views
Comments