“බස්, දුම්රිය ගාස්තු වැඩිවන්නේ නැහැ” - ප්‍රවාහන ඇමති

ඉන්ධන මිල ඉහළ දැමුවද මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසීය.
15% - 20% ත් අතර ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවට පුද්ගලික බස්රථ සංගම් ප්‍රකාශ කලද බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදුකළ නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදෙමින් සිටියදී හදිසියේම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
බස් රථ සඳහා සහන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ අනුව විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හඳුන්වාදෙන බවත් දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.
758 Views
Comments