කිරිපිටි ආනයනයට ඩොලර් නෑ - හිඟය තවදුරටත්

කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් වී ඇති ඩොලර හිඟයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ මෙයට විසඳුමක් ලබා නොදුනහොත් කිරිපිටි හිඟය දිගටම පවතිනු ඇති බවයි.
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කිරීමට හැකිව තිබෙන්නේ කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණි.
එමෙන්ම කිරිපිටි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ඉදිරියේදී නැවතත් ආනයනික කිරිපිටි වල මිලෙහි සංශෝධනයක් සිදු වනු ඇති බවයි.
728 Views
Comments