තෙල් මිල ඉහළ යද්දී සංස්ථා ලොක්කෙක් තනතුරින් අස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

තෙල් මිල ඉහළ යද්දී සංස්ථා ලොක්කෙක් තනතුරින් අස් කරයි

තෙල් මිල ඉහළ යද්දී සංස්ථා ලොක්කෙක් තනතුරින් අස් කරයි

සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සභාපති උවයිස්⁣ මොහොමඩ් මහතාට බලශක්ති අමාත්‍යවරයා කළ නියෝගයට අනුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

 

මෙයට හේතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරිපාලන අක්‍රමිකතා බවයි වාර්තා වන්නේ.

 

සති තුනක පමණ කාලයක් ක්‍රියා විරහිතව තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට නැවත වැඩ ආරම්භ කර ඇති අතර බොර තෙල් ලබා ගැනීමේ ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් එය ක්‍රියා විරහිත තත්වයට පත්විය හැකි බව වෘර්තීය සමිති හෙළිදරව් කළා.

 

මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් සභාපති වරයා දැඩි දෝෂ දෝෂදර්ශනයට ලක් වුණු බවයි වාර්තා වන්නේ.

views

837 Views

Comments

arrow-up