රාජ්‍ය නිලධාරීන් යතුරුපැදි ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

රාජ්‍ය නිලධාරීන් යතුරුපැදි ඉල්ලයි

රාජ්‍ය නිලධාරීන් යතුරුපැදි ඉල්ලයි

රජයේ නිලධාරීන්ට ලබන 2022වසරේ යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙසට සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ම`ඟින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

 

යතුරුපැදි ලබාදීමට අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 500 හෙවත් රුපියල් ලක්‍ෂ 5000 ඒ සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස සහ සේවා අවශ්‍යතාව හා ඉල්ලු‍ම් කරන සියලු‍ රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීම සුදුසු බවත් ඔවුන් එම ලිපියෙන් යෝජනා කර තිබේ.

 

2014 වසරේ මීට පෙර යතුරුපැදි ලබාගත් රාජ්‍ය සේවකයන් 146,381න් වසර පහ ඉක්මවූ පිරිසට යළි යතුරුපැදි ලබාදීමට සහ 2015 සිට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් 70,000ක පමණ ප්‍රමාණයට ද යතුරුපැදි හිමිකම් ඇති බවත් එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.  

views

740 Views

Comments

arrow-up