ත්‍රිකුණාමලය රෝහල වෙනත් තැනකට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

ත්‍රිකුණාමලය රෝහල වෙනත් තැනකට

ත්‍රිකුණාමලය රෝහල වෙනත් තැනකට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදය හේතුවෙන් එම රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

 

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම රෝහල් භූමියේ ඉඩ පහසුකම් නොමැතිකම මෙන්ම මුහුදු සීමාවේ පැවතීම වැනි ගැටලු‍ කිහිපයක්ද මෙයට හේතුවී ඇති බවයි.

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ බව සාකච්ඡාකර තිබේ. 

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මෙහි වසර 100ක් ඉක්මවු ගොඩනැගිලි කිහිපයක් ද තිබෙන අතර පවතින තත්ත්වය මත එහි තවදුරටත් ඉදිකිරීම් සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව සඳහන් වෙයි.

views

765 Views

Comments

arrow-up