සාද අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

සාද අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

සාද අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළඹෙන නිවාඩු සමයේ පැවැත්වීමට නියමිත සියලු ඉසව් අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

 

එළඹෙන නත්තල් නිවාඩු සමයේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙස එම සංවිධානය පවසයි.

 

ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ නත්තල් සාද සහ සියලු‍ දැවැන්ත ඉසව් අවලංගු කිරීම වඩාත් සුදුසු බවයි.

 

ජීවිත රැසක් බේරාගැනීමට අසීරු තීන්දු ගැනීමට පසුබට නොවන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

ලෝක සෞඛ්‍ය ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස්  කියා සිටින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කැපී පෙනෙන ලෙස ව්‍යාප්තවෙමින් පවතින බවයි.

views

800 Views

Comments

arrow-up