සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් හොරෙන් නත්තල් පාටි දැම්මොත් වැඩ වරදියි

පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කොළඹ නගරයේ හෝටල්වල සහ රාත්‍රී සමාජ ශාලා වල හෝ නිවෙස්හි නත්තල් සාද සහ අලුත් අවුරුදු සාද පැවැත්වීම නොකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ නගර සභා බල ප්‍රදේශයේ එවැනි සාද පවත්වන්නේ නම් ඒ ගැන දුරකථන අංක 0112/676161 වෙත දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද හෙතෙම පෙන්වාදෙයි.
981 Views
Comments