අලූත විවාහ දිවියට පත් තරුණයා රිය අනතුරින් මරුට - බිරිඳටත් බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

අලූත විවාහ දිවියට පත් තරුණයා රිය අනතුරින් මරුට - බිරිඳටත් බරපතළයි

අලූත විවාහ දිවියට පත් තරුණයා රිය අනතුරින් මරුට - බිරිඳටත් බරපතළයි

අලූත විවාහ දිවියට පත් තරුණයෙකු තම බිරිඳ උදෑසන සේවා ස්ථානයට රැගෙන යමින් සිටින අතරතුර ගමන් කරමින් තිබූ යතුරුපැදිය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේම මඟ හරස්වූ ත‍්‍රිරෝද රියක ගැටීමෙන් තරුණ සැමියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ තරුණ බිරිඳ හලාවත රෝහලට ඇතුළත් කොට තිබේ.

 

හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉහළ කොස්වත්ත, එල්. බී. ජයසේන අනුස්මරණ ක්‍රීඩාංගණය අසල සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබෙන්නේ හෙට්ටිපොල - කුරුඳුකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කේ. ජී. සමීර සඳරුවන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ බිරිඳ වන ගනේශිකා දුලාංජලී යන අය රෝහල්ගත කොට තිබේ.

 

බිංගිරිය ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ ත‍්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය අනතුර සිදුවූ ස්ථානයේදී කැඩීයෑමෙන් මාර්ගය හරහා ගිය රථයේ වේගයෙන් පැමිණි යතුරුපැදිය ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇතයි පොලිසිය කියයි.

 

ත්‍රිරෝද රථය පැදවූ 24 හැවිරිදි තරුණයා බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

23909 Views

Comments

arrow-up