ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ

රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.
ජනපතිවරයාගේ නිල නිවාස රටපුරා හත අටක් ඇති බවද හෙතෙම සඳහන් කළා.
ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවසේ පදිංචිව සිටීම හොඳ වුවත් තමා කැමති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බවද සදහන් කළා.
743 Views
Comments