තංගල්ල බැංකුවකට අගමැතිගෙන් මුල් ගල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

තංගල්ල බැංකුවකට අගමැතිගෙන් මුල් ගල

තංගල්ල බැංකුවකට අගමැතිගෙන් මුල් ගල

ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ (RDB)   තංගල්ල ශාඛා පරිශ්‍රය ඉදිකිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය  (7) පෙරවරුවේ මුල්ගල තැබුවේය.

 

මේ අතර එම බැංකුවේම හම්බන්තොට ශාඛාවක් සඳහා මුල් ගල් තැබීමට අගමැතිවරයා සහභාගී වී ඇත.

 

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සිය ගණු දෙනුකාර භවතුන්ට වඩාත් පහසුකම් සහිත සේවාවක් සැපයීමේ අරමුණෙන් නව බැංකු පරිශ්‍රය ඉදි කරයි.

 

සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ආරාධනයෙන් අගමැතිවරයා මුල්ගල තබන අවස්ථාවට එක් විය.

 

නව බැංකු පරිශ්‍රය තංගල්ල බෙලිඅත්ත මාර්ගයට මුහුණ ලා ඉදිවෙයි.

 

මෙම අවස්ථාවට තරුණ කටයුතු ක්‍රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ජානක වක්කුඹුර, ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය,සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී දමිතා කුමාරි රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ පිරිසක් එක්ව සිටියහ.

views

658 Views

Comments

arrow-up