STF රණවිරු ගුණ සැමරුම අදයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 39 වන රණවිරු ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ.
ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය විශේෂ කර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන අතර ඊට සමගාමීව විශේෂ කාර්ය බලකාය අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරුවල රණවිරු ස්මාරක අභියස ද රණවිරු සැමරුම් උත්සව පැවැත්වෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
දශක තුනක් පැවති ත්‍රස්තවාදය මවිබිමෙන් අතුගා දැමීමට සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙක් හා කමිකරුවන් 6 දෙනෙකු රට වෙනුවෙන් දිවි පුදා තිබේ.
ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් සංඛ්‍යාව 744 කි.
228 Views
Comments