වසන්ත මුදලිගේව මල්වාන නිවසට අරන් ගියේ ඇයි?

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගියදා මල්වාන ප්‍රදේශයේ නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් නිවසක් ලෙස බොහෝ පාර්ශ්ව මෙම නිවස හඳුන්වන අතර මෙම නිවස සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද ක්‍රියාත්මක වේ.
පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර මෙම නිවසටද හානි කර තිබිණි.
වසන්ත මුදලිගේ මහතාට අදාල නිවස වෙත රැගෙන ගියේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ.
295 Views
Comments