දොස්තර වෙන්න සිහින දුටු වෛද්‍ය සිසුවා ගේ ජීවිතය යතුරු පැදි අනතුර උදුරා ගනී

බෙන්තොට ප්‍රදේශයේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා සිදු වූ අනතුරෙන් සීමාවාසික පුහුණුව ලබමින් සිටි වෛද්ය සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පදිංචි ගුණරත්න කසුන් කල්හාර නැමති 26 හැවිරිදි සිසුවෙකි.
පසුගිය 2වනදා රාත්‍රියේ බෙන්තොට ඇල්පිටිය මාර්ගයේ දවුලගල හන්දියේ දී මෙම අනතුර ඔහු අනතුරට පත්ව ඇත්තේ අලුත්ගම පෞද්ගලික රෝහලක සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබමින් සිටියදී මිරිස්වත්ත වෛද්ය මධ්යස්ථානය ට ගොස් ආපසු එන අතරතුරදීයි.
අනතුරෙන් තුවාල ලද අනිත් පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බෙන්තොට පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
1111 Views
Comments