විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි - ජනපති විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරු

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නා.
විපක්ෂයේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි.
කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රය කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් යවන ලද ලිපිය කියා සිටී.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ලේකම්වරයා විසින් හිටපු විපක්ෂනායක වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.
1032 Views
Comments