අභිරහස් ලෙස මියගිය අවිවාහක කතගේ නරක් වූ සිරුර නිවසේ කාමරයකින් හමුවෙයි

හුදෙකලාව දිවි ගෙවූ වයස අවුරුදු 60 ඉක්ම වූ අවිවාහක කාන්තාවකගේ නරක් වූ මළ සිරුර ඊයේ( 23) කටුවකැලේ නිවසක තිබී සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අඹේපුස්ස කටුවකැලේ පදිංචිව සිටි වර්ණකුලසූරිය මුදියන්සේලාගේ පද්මා ශාන්ති නැමැති කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව දින ගණනාවකට පෙර මරණයට පත්වී ඇති බවට පොලිසිය සැක පහළ කරන අතර මේ වෙන විට සිරුර බෙහෙවින්ම නරක් වී දුර්ගන්ධය පැතිරෙමින් පවතින බවද පොලිසිය සඳහන් කරයි.
දුර්ගන්ධයක් පැතිරයාම පැතිර යාම සම්බන්ධයෙන් සිදු කෙරුණු සොයා බැලීමකින් පසු මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිවී ඇත.
මෙම මරණය සිදුව ඇති ස්වභාවික හේතුන් මතද නැතහොත් කිසියම් අපරාධකාරී ක්රියාවක් දැයි අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.
739 Views
Comments