SEP
19
මාධ්‍ය ආයතන 150ක් වැසෙයි

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කරගැනීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලසීමාවේදී එරට මාධ්‍ය ආයතන 153 ක් පමණ වැසී ගොස් ඇතැයි වාර්තා වේ.
අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ ජනමාධ්‍යවේදීන් 7000ක් පමණ තලේබාන් සංවිධානය විසින් රදවාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇති බවයි.
මීට අමතරව තවත් ජනමාධ්‍යවේදීන් දහස් ගණනක් ජීවිතාරක්ෂාව සදහා සැගවී සිටින බවට ද තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.
මෙහිදී කාන්තා ජනමාධ්‍යවේදිනියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් රැකියා අහිමිවීම මෙන්ම ආරක්ෂාව පිළිබද ගැටලුවලින්ද පීඩා විදින බවත් සදහන් වේ.
854 Views
Comments