පුතුන් දෙදෙනාව ගුටියෙන් බේරීමට ගිය තිදරු මවගේ ගෙල කපා මරා දමලා

ඇල්පිටිය, පිටිගල, වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස පහරකෑමෙන් මියගොස් තිබෙන්නේ වෑයිහේන ඈපා මාවතේ චන්ද්‍රාදුර නන්දනී මල්කාන්ති නැමැති 46 හැවිරිදි කාන්තාවක් බව පිටිගල පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ පුතුන් දෙදෙනෙකුද මෙම ගැටුමේදී තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මොවුන් කුරුඳු තලා ඊයේ(2) ඒවා විකුණා මත්පැන් බී ඇති බවත් ඉන්පසුව බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුම හටගෙන ඇති බවත් අනාවරණය වූ බව පොලීසිය කියයි.
ආරවුල විසදීම සඳහා පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනාගේ මව ගිය විට පළමු පාර්ශවය විසින් ඇයට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඇති අතර ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බැවින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
833 Views
Comments