මව 15 හැවිරිදි තම දියණියව මුදලට විකුණලා - මිලට ගත් 84 හැවිරිදි අයෙකුත් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

මව 15 හැවිරිදි තම දියණියව මුදලට විකුණලා - මිලට ගත් 84 හැවිරිදි අයෙකුත් අත්අඩංගුවට

මව 15 හැවිරිදි තම දියණියව මුදලට විකුණලා - මිලට ගත් 84 හැවිරිදි අයෙකුත් අත්අඩංගුවට

මවගේ අනුබලය ඇතිව 15 හැවිරිදි දැරියක ගණිකා වෘත්තීයේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයන් පානදුර , කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචි දැරියව මුදලට ලබාගෙන ඇය සමග ලිංගිකව හැසිරුනු පුද්ගලයන් බව පොලිසිය පවසයි.

 

ඔවුන් අතර අවුරුදු 84 ක් වයසැති ලියවන පට්ටල් කරුවකු සිටින බවද පොලිසිය කීය.

 

බාල වයස්කාර දැරියක වැඩිහිටි පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට තොරතුරක් පිළිබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලද උපදෙස් මත කාන්තා උප පොලිස් පරීක්ෂක කමලා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම දැරිය මුදාගෙන රෝහල් ගතකර තිබේ.

 

ලබාදී ඇති ප්‍රකාශ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව වැඩිහිටි පුද්ගලයන්ට අලෙවිකර හෝටල් කාමරවලට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

views

324 Views

Comments

arrow-up