JUL
02
තෙල් හොයන්න කටාර් ගිය තෙල් ඇමති හිස් අතින් යළි එයි

දෙදින නිල සංචාරය අවසන් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටාර් රාජ්‍යයේ සිට මෙරට බලා නැවත පැමිණ තිබෙනවා.
මෙරට මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට විසදුන් සෙවීමේ අපේක්ෂාවෙන් ඔහු කටාර් බලා පිටත් වු අතර එහිදී අමාත්‍යවරයා එරට බලශක්ති ක්ෂේත්‍රයට අදාළ බලධාරීන් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කෙරුණා.
මෙම සංචාරය නිමා කිරීමට පෙර අමාත්‍යවරයා එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් හමාඩ් සමඟද සාකච්ඡාවක නිරත වුණා.
කෙසේ නමුත් මෙරට බලපා ඇති ඉන්ධන අර්බුදයට සාර්ථක විසදුමක් නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.
271 Views
Comments