විදේශ මුදල් ලඟ තබා ගැනීමට සීමා

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමට සීමා පැනවීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තමා සතුව තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ජූනි 16 වනදා සිට ඇමරිකානු ඩොලර් 15,000 සිට ඩොලර් 10,000 දක්වා වන ප්‍රමාණයකට අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම ඊට වඩා වැඩි විදෙස් මුදලක් ළඟ තබා ගන්නේ නම් එය විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට විකිණීමට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබාදී තිබෙන බවද මහ බැංකුව පවසනවා.
එම අදාල කාලයෙන් පසුව අදාළ නියමය උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවද ඔවුන් තවදුරටත් නිවේදනය කර සිටිනවා.
222 Views
Comments