පුෂ්පිකාට උසාවි එන ලෙසට අවසන් නියෝගය නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

පුෂ්පිකාට උසාවි එන ලෙසට අවසන් නියෝගය නිකුත් කරයි

පුෂ්පිකාට උසාවි එන ලෙසට අවසන් නියෝගය නිකුත් කරයි

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි හා නිරූපන ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා විසින් තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවෙහි පැමිණිලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට, ලබන ජුනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ දින අවසන් වරට නියෝගයක් නිකුත් කරන ලදී.

 


මෙම සිද්ධියට අදාල සැකකාරියන් අධිකරණයේ පෙනී සිටියත්, පැමිණිලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා අධිකරණයේ නඩුව විභාග වන අවස්ථාවේදී පෙනී නොසිට, සෑම දිනකම ඇයගේ නිතීඥවරයකු පමණක් පෙනී සිටීම වරදක් බවත්, පැමිණීලිකාරිය අධිකරණයේ පෙනී නොසිටියහොත් විත්ති පාර්ශ්වයට එය අගතියක් බවත් සඳහන් කරමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
 

views

282 Views

Comments

arrow-up