MAR
05
නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරට බසිති

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ජාතික ජන බලවේගයේ නවසීලන්ත ශාඛාව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පවත්වනු ලැබූ බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා නොගෙන මැතිවරණය පවත්වන ලෙස උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස කියා සිටි බව සඳහන් වේ.
231 Views
Comments