පොලිස් විශේෂ කාර්ය බලකාය අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

පොලිස් විශේෂ කාර්ය බලකාය අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය  අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වටලයි

මාතර සහ ගන්දර යන ප්‍රදේශවල  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ  වැටලීමකදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම වැටලීමේදී ඇමෝනියම් නයිට්‍රේට්, ජෙලට්නයිට් කූරු සහ සේව නූල් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් හමුවී තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසන්නේ ගල් වැඩ පොළක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම පුපුරන ද්‍රව්‍ය ගෙනැවිත් ගබඩා කර ඇති බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතර පොලිසියේ සිදුකිරීමට නියමිතය.

views

894 Views

Comments

arrow-up