කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ විදේශ සම්බන්ධතා පවත්වන ආයතනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

 

මොහු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ පියාසර ලුතිනන් වරයෙකු ලෙස සේවය කර විනය හේතූන් මත හමුදාවේ නෙරපු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

 

කොළඹට එල්ල වෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණා යැයි කියන කෙටි පණිවිඩයක් ඔහු එම ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකුට යොමු කර තිබෙනවා. පසුව එම නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

views

2883 Views

Comments

arrow-up