ලංකාවට සහ ඉන්දියාවට රුසියාවෙන් අඩුවට බොරතෙල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

ලංකාවට සහ ඉන්දියාවට රුසියාවෙන් අඩුවට බොරතෙල්

ලංකාවට සහ ඉන්දියාවට රුසියාවෙන් අඩුවට බොරතෙල්

ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

 

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

 

රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

 

ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.

 

වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

 

රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

views

1865 Views

Comments

arrow-up