MAR
09
චීන තානාපති සහ කතානායක අතර විශේෂ හමුවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරු අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(09) පැවැත්විණි.
දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය පළ කර ඇත.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාද සහභාගී විය.
614 Views
Comments