පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා

ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 - 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවට අනුව පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් විනාශ කර හෝ සොරකම් කර හෝ ඇත්තේ පසුගිය 2021 වසරේදීය. එම සංඛ්‍යාව 383 කි.
මීට අමතරව 2020 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 121ක් වාර්තාවී තිබූ බව පවසන විගණන අංශ 2019 වර්ෂයේදී පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 273ක් සිදුව ඇතැයිද සඳහන් කළේය.
පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම්වල වර්ධනයක් පෙනෙන්නට ඇති හෙයින් මේ සිද්ධීන් වැලැක්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව විගණන කාර්යාලය පුරාවිද්‍යා ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
223 Views
Comments