චීන සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරයි

භාවිතයට අහිතකර බව හෙළිවූ චීන කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම විසින් ‘ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය’ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
අදාල පොහොර තොගයේ හානිකර අර්වීනියා ඇතුළු බැක්ටීරියා ඇති බව නැවත නැවතත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව විසින් එම පොහොර තොගය ශ්‍රි ලංකාවට ගොඩබෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ප්‍රතික්ෂේප කිරීම් නොසලකා අදාළ පොහොර තොගය රැගත් නැව මේ වන විටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් වැරදි පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තම සමාගමේ කීර්තිනාමයට හානියක් වී ඇති බවද එම සමාගම ඩේලි මිරර් වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ
739 Views
Comments