සත්වෝද්‍යානවල සේවකයන්ගේ අනතුරු දීමනාව 5000කින් වැඩිවේ

දෙහිවල ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යානවල සතුන් බලා ගන්නා සේවකයින් 461 දෙනෙකුගේ අනතුරු දීමනාව රුපියල් 5000 කින් වැඩි කල බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
මීට පෙර එම දීමනාව පැවතියේ රුපියල් දෙදහස් පන්සියයක් වශයෙනි.
මේ අනුව සතුන් බලා ගන්නා සේවකයන්ට මින් ඉදිරියට අනතුරු දීමනාව ලෙස රුපියල් හත්දහස් පන්සියයක් ලැබෙන බවද එම වැඩි කළ මුදල මෙම මාසයේ සිටම ලබා දුන් බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මෙය එම සේවකයින් කාලයක සිට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට සත්වෝද්‍යාන ක්‍රියාත්මක වන්නේ දෙහිවල, පින්නවල සහ අම්බලන්තොට රිදියගම යන ප්‍රදේශවලයි.
965 Views
Comments