“මහින්දගේ කාලේ සමහර වැරදි වලට ජවිපෙත් වගකිවයුතුයි” - නලින් බණ්ඩාර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

“මහින්දගේ කාලේ සමහර වැරදි වලට ජවිපෙත් වගකිවයුතුයි” - නලින් බණ්ඩාර

“මහින්දගේ කාලේ සමහර වැරදි වලට ජවිපෙත් වගකිවයුතුයි” -  නලින් බණ්ඩාර

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී මෙරට ජනාධිපති කිරීමට සියයට සියයක් දායකවූවේ ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද අය වැය විවාදයට එක්වෙමින් පැවසීය.

 

එනිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදුවූ ඇතැම් වැරදි වලට ජවිපෙත් වගකිවයුතු බවද කීවේය.

 

එනිසා 76 වසරක සාපයට ජවිපෙ අයත් නැතැයි කියා කිවනොහැකි බවද සඳහන් කළේය.

 

උතුරේ පුස්තකාලය සංවර්ධනයට මුදල් වෙන්කිරීමට වඩා එම ප්‍රදේශවල ජනතාව බලාපොරොත්තු වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිය බලයක් බවත් එය ලබාදෙන බව වත්මන් රජය බලය ලබාගැනීමට පෙර පොරොන්දුවූ බවත් කීවේය.

views

86 Views

Comments

arrow-up