බසයේ පාපුවරුවෙන් ඇද වැටුණු මගියා රෝහලේදී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

බසයේ පාපුවරුවෙන් ඇද වැටුණු මගියා රෝහලේදී අවසන් ගමන් යයි

බසයේ පාපුවරුවෙන් ඇද වැටුණු මගියා රෝහලේදී අවසන් ගමන් යයි

බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පාපුවරුවෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) උදෑසන මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු මෙම බස් රථයේ ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටියදී බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ දී බස් රථයෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

 

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති වීරවංශ මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

views

135 Views

Comments

arrow-up