“බිල ගෙවන්න බැරි නම් සෝලා ගහගන්න, මිනිස්සු කුපිත කරන්න එපා” - කංචන සෝභිත හිමිට අභියෝග කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

“බිල ගෙවන්න බැරි නම් සෝලා ගහගන්න, මිනිස්සු කුපිත කරන්න එපා” - කංචන සෝභිත හිමිට අභියෝග කරයි

“බිල ගෙවන්න බැරි නම් සෝලා ගහගන්න, මිනිස්සු කුපිත කරන්න එපා” - කංචන සෝභිත හිමිට අභියෝග කරයි

මෙරට ආගමික සිද්ධස්ථාන සියල්ල සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදනය කිරීමේ ක්‍රමයකට යා යුතු යැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කරයි.

 

ඒ සඳහා දේශපාලනය ගැන මනා අවබෝධයක් ඇති ඕමල්පේ සෝභිත හිමියන් නායකත්වය ලබා දෙන්නේ නම් තමන් හොඳ ඊට නොමසුරු දායකත්වය සපයන බවද අමාත්‍යවරයා පවසයි.



බිදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස අදාළ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් රටේ නායක හිමිවරුන් මෙම වැඩපිළිවෙළට නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.



මහ ජනතාවද කුපිත වන ආකාරයට විදුලි බිල කිසිසේත්ම නොගෙවන බව පැවසීම සෝභිත හිමි වැනි ස්වාමීන් වහන්සේ නමකට සුදුසු යැයි තමන් නොසිතන බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවීම මෙම ගැටලු ද ඇති විකල්පය නොවන බවත් තවදුරටත් කියා සිටියේය.

views

233 Views

Comments

arrow-up