AUG
02
පළමු කුඹල් පෙරහැර අද

අද (02) රාත්‍රී 6.01 ට එළඹෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය ඇරඹීමට නියමිතයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසා සිටින්නේ පෙරහැර නැරැඹීමට එන පිරිස් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සලස්වා ඇති බවයි.
පෙරහැර පවත්නා කාලය තුළ නගරය පුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
පොලීසිය ඉල්ලා සිටින්නේ මහනුවර නගරය පසු කිරීමට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි.
256 Views
Comments