ලංකාවේ LGBTQ නීති වෙනස් විය යුතුයි - මහේල ජයවර්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ලංකාවේ LGBTQ නීති වෙනස් විය යුතුයි - මහේල ජයවර්ධන

ලංකාවේ LGBTQ නීති වෙනස් විය යුතුයි - මහේල ජයවර්ධන

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව සඳහා අහිතකර නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව මුහුනදෙන වෙනස්කම් හා පීඩනයන් පිළිබඳව තමා කණගාටුවට පත්වන අතර මෙම නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වෙන තරමටම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ හරහා මානසිකත්වය වෙනස් කිරීමද වැදගත් බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම පුද්ගලයකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවයි ඔහු ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

views

293 Views

Comments

arrow-up