ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට

කල්බ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඝාතනය මෙහෙයවූ ලොකු පැටීගේ මස්සිනා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසියට භාරදී තිබේ.

 

සැකකරු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත්තේ,  දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී ය.

 

ඔහු  දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කරදීම ඔහු විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මත ය.

 

ඝාතනය සිදුවූ දිනට පෙර එම බස් රථය ගමන් ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද විමර්ශන නිලධාරීන් ට හමුවී තිබුණි.

views

248 Views

Comments

arrow-up