සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි.
ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබේ.
පසුගිය වසරේ මැයි මාසය දක්වා මෙරටට සංචාරකයින් පැමිණ ඇත්තේ 378,521 දෙනෙකු බව වැඩිදුරටත් වාර්තා වේ.
මෙරටට විදෙස් සංචාරකයින් 31,909 දෙනෙකු මේ මාසයේ ගතවූ දින 11ක කාලය තුල පැමිණ තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 9,784ක් බවයි.
245 Views
Comments