බාර් විවෘත කිරීමට විරුද්ධ වූ පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදීමට විරෝධය පලකරමින් අද (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වුණා.
විරෝධතාවයේ නිරත පිරිස් පැවසුවේ සුරාසැල් විවෘත කිරීමට රජය අවසර ලබාදී තිබුණේ කවර පදනමකින්ද යන්නයි.
කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි කොටුව පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට විරෝධය පලකළා.
එම ස්ථානයේ සිටි උසස් පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන්ට පැවසුවේ “ඕවා කරන්න බැහැ ලංකාවේ” ලෙසයි.
කෙසේ වෙතත් පසුව විරෝධතාවේ නිරත පිරිස් ඔසවාගෙන ගොස් ජීප් රථයක දමා ඔවුන් අත්අඩංගුවට ගැණුනා.
675 Views
Comments