නානුඔය අනතුරෙන් තුවාල ලැබූ 53 දෙනාට තවදුරටත් ප්‍රතිකාර - සිසුන්ගේ සුවදුක් විමසන්න අධ්‍යාපන ඇමති නුවරඑළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

නානුඔය අනතුරෙන් තුවාල ලැබූ 53 දෙනාට තවදුරටත් ප්‍රතිකාර - සිසුන්ගේ සුවදුක් විමසන්න අධ්‍යාපන ඇමති නුවරඑළියට

නානුඔය අනතුරෙන් තුවාල ලැබූ 53 දෙනාට තවදුරටත් ප්‍රතිකාර - සිසුන්ගේ සුවදුක් විමසන්න අධ්‍යාපන ඇමති නුවරඑළියට

 

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 53දෙනා තවදුරටත් නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. සෙසු පුද්ගලයින් 5,6,7,8 වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඔහු කියා සිටියා. 

 

අධ්‍යාපන චාරිකාවක නිරත වී සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 6 දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වුණා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයන් 3දෙනෙකුයි. ඒ අතර වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක්, අවුරුදු 8ක සහ  12ක ගැහැණු ළමුන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ. 

 

අනතුර සැල වීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේ අනතුරට ලක් වූ සිසුන්ට කඩිනම් සහන සලසන ලෙසයි. සිසුන්ට බරපතල තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් කොළඹට රැගෙන ඒම සඳහා කඩිනම් සහන සලසන ලෙසද ජනාධිපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා. 

 

අනතුරට ලක්ව රෝහල් ගත කෙරුණු කොළඹ තර්ස්ටසන් විද්‍යාලයේ සිසුන්ගේ සුවදුන් විමසීම සඳහා තමන්ද අද නුවරඑළිය රෝහල බලා පිටත්ව යන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

views

231 Views

Comments

arrow-up