මෛත්‍රී තවත් උකුසු ප්‍රහාරයකට ඉව අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

මෛත්‍රී තවත් උකුසු ප්‍රහාරයකට ඉව අල්ලයි

මෛත්‍රී තවත් උකුසු ප්‍රහාරයකට ඉව අල්ලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ නිල නිවසේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් අද(21) හදිසියේ රැස් වී තිබේ.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, යුගදනවි බලාගාරයේ 40% ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවය.

 

මෙම ක්‍රියාවලිය පිළිබඳව තම අදහස් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කිරීම අරමුණ බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.

 

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 11 ක් ඊයේ(20) පස්වරුවේත් රැස් වී සාකච්ඡා කර තිබේ.

 

අද(21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී පක්ෂ නායකයින් සාකච්ඡා කර ඇත්තේ, එහි තවත් පියවරක් ලෙසය.

 

 Sorce:-sirasa tv

views

1074 Views

Comments

arrow-up