JUL
11
ගසක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට දැඩි හානි

විශාල කොහොඹ ගසක් කඩා වැටීමෙන් නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වතු නිවාස පේළියක වතු නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබේ.
අද(11) අලුයම 2ට පමණ හමා ගිය තද සුළඟ හේතුවෙන් ගස කඩා වැටී ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර වතු නිවාස පේළිය මතට කඩා වැටුණු කොහොඹ ගස නල්ලතන්නිය පොලීසියේ නිලධාරින්, යුද හමුදා භට පිරිස් සහ වතු කම්කරුවන් එක්ව කපා ඉවත් කර තිබේ.
859 Views
Comments