අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ තහනම පිළිබඳව මාධ්‍ය වාර්තා අසත්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ තහනම පිළිබඳව මාධ්‍ය වාර්තා අසත්‍යයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ තහනම පිළිබඳව මාධ්‍ය වාර්තා අසත්‍යයි

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් සඳහා ආනයනය සීමාකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍යය වාර්තා පළවී තිබුණි.

 

ඒ අනුව ජංගම දුරකථන, ශීතකරණ, රූපවාහිනී ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතිබව සඳහන් විය.

 

මෙරට තුළ විනිමය සංචිතය ශක්තිමත්වීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්ව තිබුණි.

 

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත ඒවා බවයි.

 

මේ අතර රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට (05) මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

views

849 Views

Comments

arrow-up