නීතිවිරෝධීව වැලි ගොඩදැමූ 18ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

නීතිවිරෝධීව වැලි ගොඩදැමූ 18ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව වැලි ගොඩදැමූ 18ක් අත්අඩංගුවට

මුලතිව්, සිත්තාරු ප්‍රදේශයේදී පරිසරයට හානි වන ආකාරයෙන් නීතිවිරෝධී ලෙස වැලි කැනීම් කටයුතුවල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු යුද හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.

 

22 වන පාබල සේනාංකය යටතේ 4වන විශේෂ බළකාය සහ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුවේ ඩ්‍රෝන කණ්ඩායම විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

 

බෝට්ටු 4 ක් සහ ටිපර් රථ 3 ක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

 

යුද හමුදාව සඳහන් කලේ නීතිවිරෝධී ආකාරයෙන් වැලි කැනීම් කටයුතු සිදුකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි.

views

922 Views

Comments

arrow-up